අමාත්‍යාංශයේ සංවර්ධන වැඩ සටහන්.

 

ඖෂධ වගාව

ඔසු ගොවි ගම්මාන ව්‍යාපාතිය 2005 මාර්තු 28 දින ආරම්භ කරන අතර එම ව්‍යාපෘතිය මගින් මුලික වශයෙන් අරමුණු කර ගනු ලැබුයේ දැනට විශාල වශයෙන් වාර්ෂිකව අමු ඖෂධ වර්ග ආනයනය කිරිම සදහා වැය කරනු ලබන විදේශ විනිමය අඩු කර ගැනිමයි.

2000 වසරේදි කරනු ලැබු සමික්ෂණයක් අනුව වාර්ෂිකව අමු ඖෂධ ගෙන්විම සඳහා රු.මිලියන 125 වැය කරනු ඇත. එසේ ආනයනය කරන ලද අමු ඖෂධ අතරින් පහත සදහන් ඖෂධ වර්ග වැඩියෙන් ආනයනය කර ඇත.

  • කටුවැල් බටු.
  • අමුකරා.
  • අසමෝදගම්.
  • වැල්මි.
  • පත්පාඩගම්.
  • දේවදාර.
  • මෙම ව්‍යාපෘතියේදි මුලික වශයෙන් දේශිය වශයෙන් වගා කිරිමට හැකි ඖෂධ හදුනාගැනිමත් ඒ සඳහා ගොවිජනතාව අතර ඖෂධ වගාව ජනප්‍රිය කිරිම තුලින් ඔවුන්ට අමතර ආදායමක් ලබා ගැනිමයි. මෙම අරමුණ ලඟා කර ගැනිම සඳහා පහත වැඩසටහන් ඇතිකර ඇත.

  • තරුණයන් ඖෂධ වගාව සඳහා යොමුකර එය දිගට පවත්වා ගෙන යාම.
  • ඖෂධ උයන් සංවර්ධනය කිරිම.
  • දිවි නැගුම වැඩසටහන යටතේ ඖෂධ වගාව ව්‍යාප්ත කිරිම.
  • ත්‍රස්තවාදි ක්‍රියාව නිසා ත්‍රස්තවාදි කටයුතු බලපැ ගම්වල ඖෂධ වගාව ජාතික මට්ටමේ ව්‍යාප්ත කිරිම.
  • ඒ අනුව උතුරු පළාතෙහි සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සිංහල , දෙමළ , මුස්ලිම් ප්‍රජාව ඖෂධ වගාව සඳහා යොමු කිරිම.

  • දේශිය වෙදකම තුලින් ප්‍රජා සෞඛ්‍ය සේවාව.
  • ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවය

    ප්‍රජා සෞඛ්‍ය පහසුකම් දේශිය වෙදකම තුලින් ප්‍රවර්ධනය කිරිමට 2004 ඔක්තෝම්බර් මාසයේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 ක ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සේවය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවති. අධ්‍යක්ෂකවරයකු යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 හි ප්‍රජා සෞඛ්‍ය නිලධාරින් සේවයේ යොදවා ඇති අතර ඔවුන් යටතේ ගම් මට්ටමේ සේවයේ යෙදවිම සඳහා ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරින් 200 දෙනෙකු සේවයේ යොදවා ඇත.

    මෙම ව්‍යාපෘතිය තුලින් මුලික වශයෙන් අනුරාධපුර දිස්ත්‍රිකය පුරා පහත ක්‍රියාකාරකම් ගම් මට්ටමේ ක්‍රියාත්මක වේ.

  • පෝෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම .
  • ඔසු වගාවන් ව්‍යාප්ත කිරිම.
  • ප්‍රජාව නිවරදි චර්‍යාවන්ට හුරු කිරිම.
  • ආයුර්වේද සායන පැවැත්විම.
  • ආයුර්වේද ජිවන රටාවට අදාලව ප්‍රජාව දැනුවත් කිරිම.
  • මෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන නියමු ව්‍යාපෘතිය පදනම් කර ගෙන දේශිය වෙදකම තුලින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරිම සඳහා රෝග වැලැක්විමේ ප්‍රජා සෞඛ්‍ය සේවය වැඩසටහනක් වශයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරිම ආරම්භ කර ඇත. විශේෂයෙන් මෙහිදි ප්‍රජාව පෝෂණිය හා ඖෂධිය ගුණයෙන් යුතු ආහාර වලට හුරුකිරිම වැනි සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරිමට සිදුවන මුදල් අඩුකිරිමටත් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය තත්වය නංවාලිමත් අරමුණු කර ගෙන ඇත

    පෝෂණ මන්දිරය

    ප්‍රජාවගේ පෝෂණ තත්වය ඉහල නැංවිමට සහ වර්ධනය කිරිම අරමුණු කර ගෙන පෝෂණ මන්දිරයන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල ඇති කිරිම මගින් ජනතාවට දේශීය ආහාර හා ඖෂධිය බීම වලට හුරු කිරිම මෙමගින් අරමුණු කර ගෙන ඇත. මීට අමතරව ස්වයං රැකියාවක් වශයෙන් කිරිම සඳහා කො‍ළ කැඳ කරත්ත එනම් ජංගම පෝෂණ මන්දිර ලබා දිමට මේ යටතේ සැලසුම් කර ඇත. මේ වන විට ජංගම පෝෂණ මන්දිර 20 පමණ තරුණයන්ට ලබා දි ඇත.

    හෙළ වෙඳ ගෙදර

    පාරම්පරික වෛද්‍ය වරුන් ගම් මට්ටමේ ඔවුන්ගේ සේවය ප්‍රජාවට ලබා දිම සඳහා කැප වි ඇති අතර ඔවුන් මේ සඳහා කිසිම ආර්ථික වාසියක් බලාපොරොත්තුවකින් තොරව තමන්ගේ සේවාව ලබා දේ. ඔවුන්ගේ සේවය ඉතාමත් අඩු පහසුකම් යටතේ ලබා දෙනු ලබන අතර සමහර රෝගින්ට නේවාසික ප්‍රතිකාර ලබාදිමේදි විශාල ගැටළු වලට මුහුණ පෑමට සිදු වේ. මෙම තත්වය මග හැරවිමට සහ දේශිය වෙදකමෙහි මුල් පුරුක වන පාරම් පරික වෛද්‍ය වරුන් ආරක්ෂා කිරිම සඳහා හෙළ වෙඳ ගෙදර ඉදිකිරිම අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදි. මෙම හෙළ වෙඳ ගෙදර සංකල්පය යටතේ ලෙඩුන් 10 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර කිරිම සඳහා පහසුකම ලැබෙන අතර මේ සඳහා රජයෙන් ලක්ෂ 12ක මුදලක් එක හෙළ වෙඳ ගෙදරකට ලබා දෙනු ලබයි. මේ වන විට හෙළ වෙඳ ගෙදර 41 ක් ඉදිකර ඇත.

    ආදි වාසින්ගේ සංස්කෘතිය , පාරම්පරික වෙඳකම හා ඖෂධ වගාව සංරක්ෂණය කිරිම

    ශ්‍රි ලංකාවේ ආදි වාසින් වන වැදි ජනතාව විජය රජතුමා ලංකාවට පැමිණිමට පෙර පටන් පැවත ගෙන එයි.

    s